
ගොයම් කවි
Sri Lankan traditional folk songs with traditional style, deep voices, Hindustan
May 10th, 2024suno
가사
සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි
ඇසී නාද හඞ බඹරුගෙ ලීලා
පැසී ගොයම් පත් කිරට නැමීලා
ගැසී සුළං වාතෙට ඉති නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර ලීලා
අලංකාර කෙත සැදුවේ රජවර
සයංජාත රත් ඇල් ගෙන ගොඩ කර
සුදං විජය පුරයක් වැනි සැම වර
ගොයම් සැදුන සැටි අසනුය විස්තර
නැගුණේ කොළ පෙත්තයි දියමතු පිට
යෙදුණේ නිල් පාටින් එක තරමට
වරුණේ බැරි නිම කරන්ට ඈතට
බෙදුණේ කොළ ඉති දෙක තුන් දවසට
කුඹුරු පුබුදු මල් සුවඳයි හැම විට
බඹරු ඇවිත් රොන් ගෙනයති උදයට
මදුරු කිඳුරු නද හැඩවෙති වාතෙට
නැඹුරු වෙලා ඉති ගෝමර තරමට
දෙයියන් අණ සැම තැන පවතින්නේ
කොයියන් අයගෙත් දියුණ සදන්නේ
මයියන් දැන කවි පද
පවසන්නේ
දෙයියන් වැඳ අවසර අර ගන්නේ
වරම් වරම් මට මහ බඹු අතින් වරම්
වරම් වරම් ඉසිවර දෙවි අතින් වරම්
වරම් වරම් සක්දෙව් රජ අතින් වරම්
වරම් වරම් ගොවිකම් පද කරන වරම්
උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස දරා
වටින් සිටින සැම දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා
පේරු ඇතුව වී පැළකර ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට ඉසින්නේ
කරට බඳින රන් මිණි මුතු මාලා
කණට ඔබින රන් තෝඩු දමාලා
අතට ගිගිරි රන් වළලු දමාලා
ඇඟට ඔසරි සුදු සේල දමාලා
වරම් ගතිමි ඉර සඳ දෙවි අතින් වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම්
වරම් ගතිමි සක්වළ දෙවි අතින් වරම්
වරම් ගොයම් කැපුමට දෙවිඳුන්ගෙ වරම්
යකඩෙන් වානෙන් සිරි බරදීලා
සොඳට සැදෙව් මගේ දෑකැත්තේ
ඇත්දත් වලිනුත් මිට ලියවාලා
රිදියෙන් කරවපු වැඩක් වෙතේ
රන්වන් දෑකැති සුරතට අරගෙන
රන්වන් ගොයමට ළඟා වෙතේ
අඩියෙන් අඩියට පේලි සැදීලා
ගොයම් කපමු අපි දෑකැත්තේ
අගට රිදී සුරයෙන් වැඩ කරලා
මුලට යකඩ සුරයෙන් වැඩ කරලා
මැදට ගැබේ හැර ගිගිරි දමාලා
මේ ලෙස දෑකැති වැඩ නිම කරලා
අඟුරු කොටාලා කම්මලකට එති
ඉඳගෙන පිට පිට ගිනි මොලවා දෙති
තලවති නළවති පණ පිහිටා දෙති
ඉදෙ මෙන්න ගෙයි තිබුණා දෑකැති
එදා ගණන් ගෙයි තිබුණා දෑකැති
බෙදා රැගෙන නුඹෙ නෑයෝ ගෙන දෙති
තලවති නළවති පණ පිහිටා දෙති
ඉඳා මෙන්න ගෙයි තිබුණා දෑකැති
උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස දරා
වටින් සිටින සැම දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා
පේරු ඇතුව වී පැළකර ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට ඉසින්නේ
කරට බඳින රන් මිණි මුතු මාලා
කණට ඔබින රන් තෝඩු දමාලා
අතට ගිගිරි රන් වළලු දමාලා
ඇඟට ඔසරි සුදු සේල දමාලා
උදේ පාන්දරින් නැගිට සිටිල්ලා
ගොයම් කපන්නට නෑනේ වරෙල්ලා
රන් දෑකැති ගෙන පෙළට සිටිල්ලා
රන් මන්දෑලේ කෙතට බසිල්ලා
අව්ව බොහොම සැරත් වගෙයි
අපට ඇඹුල ගෙනත් වගෙයි
බඩගිනි දැන් වැඩිත් වගෙයි
ගොඩට යන්න හොඳත් වගෙයි
ගොයම් කපා ඉවර වුණා
ඉර දෙයියෝ පියිට වුණා
ගොවි රාළට සෙතක් වුණා
අපේ සිතත් සතුටු වුණා
추천

Streets of Resilience
boom bap hip hop banger

Velas de Ensueño
alegre bailable merengue

Тест рок
Рок

She
Rock
Starlight Melody
male vocalist,k-pop,pop,contemporary r&b,love,romantic

Цветаева
epic, emotional, orchestral, atmospheric

Better at AI
hip-hop rhythmic indie

我們是兄弟
emotional

Ding Fengbo 定风波-苏轼
traditional chinese, country folk

Песенча
Semisen, dreams, minimal, minor

Isekai Dreams
Japanese jungle, Shamisen, EDM, Biwa, Female Vocals, Orchestra, Fast beat.

ナロウ
romantic,lo-fi,dream pop,bedroom soul,surf punk,slow core
Palette of Harmonies
male vocalist,pop rock,indie rock,indie pop,pop,madrigal,passionate,alternative rock,classical crossover

I'm Wrong
metal ballad cathartic dramatic melodic

Petit Réunionnais
tropical ragga reggae

Fernando de Dr. Edson
pop upbeat melodic

THE ENTIRE BRICK THAT IS THIN AS AIR AND CAN DESTROY THE WORLD INSTANTLY
Dubstep, House, Hardcore

