එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සි

raga

August 12th, 2024suno

Lyrics

එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි. හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා... "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල" සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා. සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා. සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!! සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි , දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ , " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා. දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි... කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ" කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!" සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ" කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ" සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම... කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල... හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..

Recommended

Ekele Party
Ekele Party

rhythmic afrobeats

Light of Grace
Light of Grace

80s, freestyle, pop, melodic, dance,latin

Burning Love
Burning Love

rock electric

Rise From the Ashes
Rise From the Ashes

anthemic rap experimental

Space traveler.
Space traveler.

1980's Disco dance, Electro dance

Pentatonic Scale
Pentatonic Scale

Sudanese traditional music with fast rhythm, pentatonic scale, featuring oud, tambour, and congas, evoking vibrant folk

Lost Love Rock
Lost Love Rock

rock, rockabilly, bagpipes, love ballad, hairmetal, male vocals, 1980s, 80's

Shredding the Night (Heavy Metal Epic) [Full Song]
Shredding the Night (Heavy Metal Epic) [Full Song]

instrumental,heavy metal,rock,metal,us power metal,thrash metal,heavy,outro

18. Winter's Embrace
18. Winter's Embrace

instrumental ambient atmospheric

REGGAETÓN CON MELODIA
REGGAETÓN CON MELODIA

REGGAETÓN URBANO

Extraterrestrial Flex
Extraterrestrial Flex

male vocalist,gangsta rap,pop rap,east coast hip hop,hip hop,hardcore hip hop,rhythmic,urban,sampling,aggressive,vulgar,boastful,southern hip hop

bazinga
bazinga

ambient noise rock cinematic

tick-tock.
tick-tock.

808 On the 1, 70's Deep Psychedelic Soul, P-Funkwave, 70's R&B, Lo-fi Classic Soft Rock

Sepertiga Malam
Sepertiga Malam

rhythmic pop melodic

Big Back Run
Big Back Run

pop rock edgy

Gecemin Sonu
Gecemin Sonu

bass, drum and bass, guitar, rap, lo-fi, chill