ගොයම් කවි

Sri Lankan traditional folk songs with traditional style, deep voices, Hindustan

May 10th, 2024suno

歌词

සරණයි සරණයි බුද්ධං සරණයි සරණයි සරණයි ධම්මං සරණයි සරණයි සරණයි සංඝං සරණයි සරණයි සරණයි මේ තුන් සරණයි ඇසී නාද හඞ බඹරුගෙ ලීලා පැසී ගොයම් පත් කිරට නැමීලා ගැසී සුළං වාතෙට ඉති නැමීලා පැසී ගොයම් කෙත සුරපුර ලීලා අලංකාර කෙත සැදුවේ රජවර සයංජාත රත් ඇල් ගෙන ගොඩ කර සුදං විජය පුරයක් වැනි සැම වර ගොයම් සැදුන සැටි අසනුය විස්තර නැගුණේ කොළ පෙත්තයි දියමතු පිට යෙදුණේ නිල් පාටින් එක තරමට වරුණේ බැරි නිම කරන්ට ඈතට බෙදුණේ කොළ ඉති දෙක තුන් දවසට කුඹුරු පුබුදු මල් සුවඳයි හැම විට බඹරු ඇවිත් රොන් ගෙනයති උදයට මදුරු කිඳුරු නද හැඩවෙති වාතෙට නැඹුරු වෙලා ඉති ගෝමර තරමට දෙයියන් අණ සැම තැන පවතින්නේ කොයියන් අයගෙත් දියුණ සදන්නේ මයියන් දැන කවි පද පවසන්නේ දෙයියන් වැඳ අවසර අර ගන්නේ වරම් වරම් මට මහ බඹු අතින් වරම් වරම් වරම් ඉසිවර දෙවි අතින් වරම් වරම් වරම් සක්දෙව් රජ අතින් වරම් වරම් වරම් ගොවිකම් පද කරන වරම් උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා බිමින් සිටින මිහිකත් දෙවි කළස දරා වටින් සිටින සැම දෙවියෝ අරක් කරා ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා පේරු ඇතුව වී පැළකර ගන්නේ සීරු ඇතුව මුත්තෙට්ටු උයන්නේ පෝරු ගගා වල ගොඩැලි මකන්නේ ගෝරු කළල් මඩ ගොඩට ඉසින්නේ කරට බඳින රන් මිණි මුතු මාලා කණට ඔබින රන් තෝඩු දමාලා අතට ගිගිරි රන් වළලු දමාලා ඇඟට ඔසරි සුදු සේල දමාලා වරම් ගතිමි ඉර සඳ දෙවි අතින් වරම් වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම් වරම් ගතිමි සක්වළ දෙවි අතින් වරම් වරම් ගොයම් කැපුමට දෙවිඳුන්ගෙ වරම් යකඩෙන් වානෙන් සිරි බරදීලා සොඳට සැදෙව් මගේ දෑකැත්තේ ඇත්දත් වලිනුත් මිට ලියවාලා රිදියෙන් කරවපු වැඩක් වෙතේ රන්වන් දෑකැති සුරතට අරගෙන රන්වන් ගොයමට ළඟා වෙතේ අඩියෙන් අඩියට පේලි සැදීලා ගොයම් කපමු අපි දෑකැත්තේ අගට රිදී සුරයෙන් වැඩ කරලා මුලට යකඩ සුරයෙන් වැඩ කරලා මැදට ගැබේ හැර ගිගිරි දමාලා මේ ලෙස දෑකැති වැඩ නිම කරලා අඟුරු කොටාලා කම්මලකට එති ඉඳගෙන පිට පිට ගිනි මොලවා දෙති තලවති නළවති පණ පිහිටා දෙති ඉදෙ මෙන්න ගෙයි තිබුණා දෑකැති එදා ගණන් ගෙයි තිබුණා දෑකැති බෙදා රැගෙන නුඹෙ නෑයෝ ගෙන දෙති තලවති නළවති පණ පිහිටා දෙති ඉඳා මෙන්න ගෙයි තිබුණා දෑකැති උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා බිමින් සිටින මිහිකත් දෙවි කළස දරා වටින් සිටින සැම දෙවියෝ අරක් කරා ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා පේරු ඇතුව වී පැළකර ගන්නේ සීරු ඇතුව මුත්තෙට්ටු උයන්නේ පෝරු ගගා වල ගොඩැලි මකන්නේ ගෝරු කළල් මඩ ගොඩට ඉසින්නේ කරට බඳින රන් මිණි මුතු මාලා කණට ඔබින රන් තෝඩු දමාලා අතට ගිගිරි රන් වළලු දමාලා ඇඟට ඔසරි සුදු සේල දමාලා උදේ පාන්දරින් නැගිට සිටිල්ලා ගොයම් කපන්නට නෑනේ වරෙල්ලා රන් දෑකැති ගෙන පෙළට සිටිල්ලා රන් මන්දෑලේ කෙතට බසිල්ලා අව්ව බොහොම සැරත් වගෙයි අපට ඇඹුල ගෙනත් වගෙයි බඩගිනි දැන් වැඩිත් වගෙයි ගොඩට යන්න හොඳත් වගෙයි ගොයම් කපා ඉවර වුණා ඉර දෙයියෝ පියිට වුණා ගොවි රාළට සෙතක් වුණා අපේ සිතත් සතුටු වුණා

推荐歌曲

Under the Moonlight
Under the Moonlight

soothing light beats pop

"The Ballad of the Hero's Return"
"The Ballad of the Hero's Return"

medieval folk, happy, DnD, Dungeon and dragons, Bard song, tavern, fast instrumental intro

Восстание
Восстание

панк-рок энергичный агрессивный

In Your Arms
In Your Arms

female vocal synth-pop dream pop

Minecraftminnen
Minecraftminnen

male vocalist,regional music,european music,folk

Scapino's scape
Scapino's scape

Circus, theater, commedia, funny, dark, male vocals, accordion, guitar, piano, epic, dramatic

Canta esperança
Canta esperança

lofi, rock, violão, voz masculina

Procrastination
Procrastination

poetry-slam, tempo changes, male vocals, guitar, basses, dark, sad, heartfelt, pain,

Kkk
Kkk

Pop, cultural, melodic, khowar language, male vocals, Pakistans chitrals style song

Grateful Every Day
Grateful Every Day

electronic pop

Hg
Hg

darksynthwave cyberpunk

Maja
Maja

futuristic, dark, psychedelic, synth, agressive, electronic, synthwave

Superstar in Bloom
Superstar in Bloom

kpop electronic

polrin/rinpol v2
polrin/rinpol v2

phonk with cowbells, aggressive phonk, phonk

Özlem
Özlem

türk halk müziği ney ve bağlama duygusal

We Are One
We Are One

house nostalgic funky

Bywa lepiej
Bywa lepiej

slap house rapowy energetyczny

Silent Abyss
Silent Abyss

slow, sad, dreamy, dark, mellow, female voice, pop, heartfelt